බළන්ගොඩ, පින්නවල ශ්‍රී වජිරාරාම නව බෞද්ධ මධ්‍යස්ථනය

 ගමන් මාර්ගය :

බළංගොඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇල්ලෙඅරාව හන්දියෙන් වමට හැරි ගිය විට පින්නවල මාර්ග‍යේ කිලෝමීටර් 10ක් පමණ ගොස් , අරාව වංගු‍වෙන් දකුණට හැරී ම‍‍‍ඳ දුරක් ගමන් කළ විට සුන්දර දිය ඇල්ලක් ආසන්නයේ, ඇති පින්නවල ශ්‍රී වජිරාරාම නව බෞද්ධ මධ්‍යස්ථනය හමු වේ.

විහාර භුමියට ඇතුල් වන විටම සිත්හි මැවෙන්නේ ඉමහත් සැනසිලි භාවයකි. විහාරස්ථානයට ඇතුල් වන විටම මුලින්ම දක්නට ලැබෙන්නේ අලංකාර පොකුණක් සහ පියගැට ‍පෙලකි. පියගැට පෙල නැගගත් පසු අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ හා අසුරියන් සැතපෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ හා සතර මහා දේවාල හමු වේ.ඊට මදක් වම් පසින් දඔදිව යෝනකපුර පිහිටි දකුණු ශ්‍රි පාද ලාංඡනය ඉදිකර තිබේ. සමන් පත්තිනි දෙවිවරුන්ගේ දෙව් මැදුරු ද ඉතා අලංකාරව නිමවා ඇත. මෙම විහාරස්ථානය ඉදිකිරිමට මුල් ගල තබා ඇත්තේ අති පුජනීය අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආන්නද මෛත්‍රිය මාහිමිපාණන්ගේ පින්වත් දෑතිනි. මෙම විහාරස්ථානය ආරම්භ කර ඇත්තේ වර්ෂ 1996 පෙබරවාරි 14 වන දිනය.එදා සිට අද දක්වා වත්මන් විහාරාධිපති උඩගම වජීරසීහ හිමිපාණන් වහන්සේගේ අප්‍රතිහත ධෛර්යෙන් හා ගම් වැසියන්ගේ සහයෝගයෙන් දිනෙන් දින දියුණු වෙමින් පවති.එකල රජ කල මායාදුන්නේ රජතුමාගේ අඩවියෙහි පිහිටා ඇති මෙම පුජා භුමිය අවට පරිසරය දෙස බැලු විට දක්නට ලැබෙන සුන්දරත්වය වචනයෙන් කියා නිම කල නොහැකිය.

PB100124
බෝධින් වහන්සේ වටා තැන්පැත් කර ඇති පිළිම වහන්සේලා හා සමාන සලකුණු  බෝධියෙන් ද මතුවී ඇති බව විහාරාධිපති හිමියෝ පැවසුහ. ඉහත ජායාරූපයෙන්  දැක්වෙන්නේ එම සලකුණුයි.

 

 

About sankalpa

www.ruulanka.com

Posted on නොවැම්බර් 20, 2013, in Uncategorized. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න