සාම්ප්‍රදායික කතුරු ඔන්චිල්ලාව

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (12 කොටස)

බළන්ගොඩ
සටන් සඳහා අප්‍රසිද්ධ ව රැස්කරමින් සිටි පළමුවෙනි රාජසිංහ රජු‍ගේ විශාල සේනාවක් දුටු එක් ගම් වැසියෙක් “‍සෙබලුන් ගොඩක්” යනුවෙන් පැවසු බවද එම වචන යේ මුල් “සෙං” කාරය ලොප් වී ” “ලු” යන්නෙහි “”උ” හට “අ” ආදේශ වී බළන්ගොඩ යයි ප්‍රකට වී ඇති බැව් පැවසේ. තවද සකු බසින් “භටස්ථල” යයි කියැවෙයි. ඇතැමෙක් වළගම්බා රජු දවස මේ ප්‍රදේශයෙහි සෙබලුන් රුස්ව කදවුර බැද සිටි බවත් එ නිසා මෙම ප්‍රදේශයට “සෙබලගොඩ” ,”බලගොඩ” පසුව බළන්ගොඩ වු බවත් පැවසෙයි.

මොරහැල
පැරැණි රජුන් දවස තිබුන මුරශාලාවක් නිසා මේ නම ඇති වී යයි පැවසේ . තවද මොර ගහක් මුලික කර ගෙන ඒ වටා තිබුණු හැල නම් වු විශාල වගුරු බිම නිසා මොරහැල වු බවත් කියති. වර්ථමා‍නයේදීත් මේ මොර ගසේ අතු පසට යට වී නො දිරා පවත්නා බවත් කුඹුරු වැඩ කරන විට මේ ගසේ අතු පය ගැටෙන බවත් ගොවිහු කියති.

උග්ගල් කල්තොට
මේ නම ඇති විමට හේතු 2 ක් පැරැණියෝ දක්වති. එයින් පළමුවැන්න කූරගල හා බුදුගල යන ගල් මේ ගමට ඉතා උස්ව පෙනෙන හෙයින් උස්ගල් යන්න උග්ගල් කියාද වළවේ ග‍ඟෙහි කළුවන් දියෙන් යුත් තොටුපළක් නිසා කාල තිත්ථ යන පාලි වචනය කලුතොට යන්න කල්තොට යයි ව්‍යවහාර වු බව පැවසේ. දෙවැනි මතය වන්නේ නීල මහා යෝදයා කල් තොටටත් මැදබැද්දටත් වතුර ගෙනයාම සඳහා වළවේ ගං ඉවුර බඩ ඇවිදින විට ගඟ මැද උක් කොළයක් රැඳී දෙපැතට වතුර බෙදී යනු දැක අමුණ බැඳීමට සුදුසු එක ම තැන මෙය යයි නිශ්චය කොට අමුණ බැන්ද බවත් , එ‍තැන් පටන් උක් කොළ කලුතොට පසුව උක්ගල් කල්තොට වු බව පැවසේ.

තංජන් තැන්න
තාං යනු දෙමළෙන් රන් වලට නමක් බවත් පුරාතනෙහි රන් ආකර තිබු නිසා තංජම වුයේ යැයි කියති. තවත් අයෙක් මානාභරණ රජු දෙමළුන් හා සටන් කොට ජයගත් තැන තංජය-තං ජම වී යයි පවසති. ගොපලු වෙසින් එන මංගර දෙවියෝ ජව බලැති කුළු මී මුන් හා සටන් කොට ජය ලැබු තැනිතලා පෙදෙස තංජංතැන්න වී යයි තවත් මතයකි. ‍තංජන්තැන්න ප්‍රදේශයේ මංගර දෙවියන් අදහස් බොහෝ ගැමියන් පිරිසක් සිටින අතර මංගර ‍දෙවියන් වෙනුවෙන් කැප වු දෙවොලක්ද මෙහි අදදු දක්නට ඇත.

මුල්ගම
පළමුවෙනි රාජසිංහ රජුගේ අණ පරිදි තෙන්නකොන් මුදලි තුමා පරංගීන් කටුවන බැද තිබු බල ‍කොටුව බිඳ ඔවුන් සහමුලින් වනසා දැමී‍මෙන් සතුටට පත් රජු සබරගමුවෙන් නින්දගමක් තෑගි කළ බවත් පසුව කියති. එ නිසා එතැන් පටන් මෙ ගම මුල්ගම නමින් ප්‍රකට වුයේ යයි කියති.ඒ නිසා එතැන් පටන් මේ ගම මුල්ගම නමින් ප්‍රකට වුයේ යයි කියති. එම තෙන්නකෝන් මුදලි පරම්පරාවේ අය දැනුදු මේ ගමෙහි වෙසෙති.

තුඹගොඩ
ලාස් 4ක් තිඹ 1යි යනුවෙන් ධාන්‍ය මිනීම් ක්‍රමයක් අතීතයේ පැවැතිනි. “තිඹකින් සම්‍පුර්ණ වූ ගොඩ” යන අරුත් ඇති මේ ගම පසුව තුඹගොඩ යයි ප්‍රකට වීය. පළමුවෙනි රාජසිංහ රජු දවස තිඹ 12ක් පමණ වු ධාන්‍ය වැපිරිය හැකි මහා ‍කෙත් යායක් තිබු බව ජනප්‍රවාද‍යේ හි එයි. වර්ථමානයේදීත් විශාල කුඹුරු යායවල් රැසක් මෙහි දැක ගත හැකිය.

වටවල
සිවු දිසා‍වෙන් ම හා කදුවලින් වටව ඇති නිසා වටවල යයි කියවෙයි.

හඳගිරිය
ත්‍රි සිංහලය ම එක්සේසත් කළ රජවරුන් අතරින් අන්තිමයා ලෙස සැල‍කෙන කෝට්ටේ හයවෙනි පැරකුම් මහ රජුගේ උපන් බිම සඳගිරිය නුවර බව දැක්වෙයි. සඳමහ නමැති ප්‍රදේශ රජුගේ නමින් කොටසකුත් සමන් කඳු පා මුල පිහිටා තිබු නිසා ගිරි යන නමත් යොදා සඳගිරි යන්න හඳගිරි වූයේ යයි මතයක් පවතී.

දියවින්න
ඇළදොළ කිහිපයක් එකතුව සැතපුම් කාලක් පමණ උස කඳු ගැටයක සිට කෙළින්ම පහලට ඉන්නක් මෙන් ජලය වැටෙන නිසා දියඉන්න යන්න දිය වින්න නමින් ප්‍රකට වී ඇත. මෙම දියවිනි ඇල්ල අදටත් දක්නට ලැබේ.

නවනැලිය
පනාන කන්දෙන් කූරගල කන්දෙන් උන් නයි දෙදෙනා , මේ නමින් දැ‍නට හැඳින්වෙන ගමෙහි පැසී තිබු වෙල්යායක දී පොර අල්ලා කුඹුර විනාශ කර ඇත. එයින් පසු අස්වැන්න කපා පාගා බැලු විට නව නැළියක පමණ ධාන්‍ය ලැබී ඇත. එම සිද්ධියෙන් පසු ඒ ප්‍ර‍දේශයම නවනැලිය යයි කියනු ලැබේ.

රජවක
හයවෙනි පැරකුම් රජු හා මානාභරණ රජු අතරේ සිඳු වු සටනෙහි දී පැරකුම් රජුට පක්ෂපාතී වූවෝ මානාභරණ රජු රුවටූ යයි ද එයින් පැරකුම් රජුට විශාල ජයග්‍රහණයක් අත් වු බව කියවෙයි. රජුව වංක වු පිරිස සිටි පෙදෙස රජවංක වු බවත් පසුව එය රජවක වු බවත් පැවසේ.

වැලිගෙපොල
ලුණු ගෙන යාමට ලේවායට තවලමක් බැඳ ගෙන ගිය මිනිසෙකුගේ ගොන් බානක් නවාතැනෙන් යළිත් ගෙදරට ගොස් ඇත. තම පුතුට කතා කොට “වැළිත් ගෙදර පල” ‍යයි නිම කොට ගොන් බානක් ගෙන්වා ගත් නිසා වැලි-ගෙ-පල යයි ප්‍රකට වු බව ජනප්‍රවාදයන්හි එයි. හයවෙනි පැරකුම් රජු දවස වළවේ ගඟින් වැළිගෙනවිත් රැස් කළ තැන “වැලි ගෙනාපල” පසුව වැලිගෙපොළ ලෙස ප්‍රසිද්ධ වු බව තවත් මතයක් වෙයි.

පනාන
එක් ගමරාළ කෙනෙක් ගත් උකස් බඩු වගයක් ගම මහගේ තම බඩු හා එකට කලවම් කර තැබුවාය. පසුව උකස බේරා ගන්නට ආ අය හා දබර විය. ඒ නිසා පන+ආන යන්න පනාන යයි ප්‍රකව වී යැයි එක් මතයකි. තවත් මතයක් වන්නේ කොස් කැලයක් තිබු ප්‍රදේශයක් නිසා (පනා යනු ‍කොස් වලට ව්‍යවහා කරනු ලබන තවත් නමකි) පනා ආන යන්න පනාන වු බවයි. තවද මහකන්දේ නිධන් ඇති ගල් පෙට්ටිය රකිනා නයෙකු ඇති බවත් එම නයා ගොදුරු සොයා යන විට මෙම ප්‍රදේශයේ තිබු මහා ගලක පෙනය හැපී තුවාල වු බවත් පසුව පෙන+ඇනි යන්න ව්‍යවහාරානුසාරයෙන් පනාන නමින් ප්‍රකට වු බවත් පැවසේ.

දාමහන
මේ පෙදෙසෙන් කුල දරුවන් 1000 ක් අනුරාධපුරයට ගොස් මහන වු නිසා දාහක් මහන වු යන්නෙන් දාමහන වි යයි ඇතැමෙක් දක්වන අතර තවත් මතයක් වන්නේ මෙහි සිටි සිල්වත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වූ පසු අති ගෞරවාකාරෙන් දැවු බවත් ඉන් පසුව දැවු මහණ යන්න දෑ මහණ පසුව දාමහන වීය.

විකිළිය
හයෙවනි පැරකුම් රජු දවස මෙම පෙදෙස හි අස්වැන්න රැස්කර තැබීම පිණිස තිබු වී ගබඩාව හෙවත් වී කිළිය නිසා මෙ නමින් ප්‍රකට වු බව කියති. මෙම ගබඩාව පිහිටා තිබු ගල් පර්වතය මෙම ගමට බටහිරින් දැනුදු දක්නට ලැබෙයි. වී කෙළිනා ගල, දාහියා ගල යන නම්වලින් හදුන්වන මේ ගල පිළිබද විස්තර මහනුවර කටුගෙයි ඇති සන්නසින් දැනගත හැකිය.

මොරඋල
පැරැණි රජුන් දවස අපරාධ කරුවන් උල තැබු ගමකි. වදඋල, නිකඋල හා බෙරව උල යන නම්ද මෙබදු ගම් ලෙස සැලකිය හැකිය.මොරඋල ගම පත්තිනි දෙවොලක් තිබු ‍ඓතිහාසික ගමකි.

ගලහිටිගම
ගල් -පිහිටි-ගම යන්න ගල්හිටිගම යන්නෙන් ගලහිටිගම යයි නම් ලැබි ඇත.විශාල ගල් පිහිටි නිසා මෙනම ලැබී ඇත.

මොලමුරේ
දැනට මහනුවර වැඩ වසන දළදා වහන්සේ එක් රාජ යුගයක තාවකාලිකව හඳගිරියේ සඟවා තිබු බවත් එහි ආරක්ෂාව සදහා සිවු දිගින් මුරකාවල් තිබු බවත් කියති. මෙයින් උතුරු දිසාවෙහි පිහිටා තිබු මුර පොල මොලමුරේ නමින් හැදින්වියයි පැවෙසේ. මුලමුරේ යන්න මොලමුරේ වී ඇත. ඇතැමෙක් හොරඹු යන රහස් ඔත්තු සපයන ස්ථානවාචී පදය පසු කලෙක මොලමුරේ යයි වෙනස් වු වගක් පවසයි.

ඉඹුලමුරේ
හඳගිරියට අවරදිගින් පිහිටි මුර පොල මෙයයි. මේ පෙදෙසේ බො‍හෝ ඉඹුල් ගස් තිබු නිසා මෙම නම ලැබි ඇත.

පොල්ලමුරේ
හඳගිරියෙ දළදා මැදුරට පෙර දිගින් පොලු ගත් භට පිරිසක් මුර කළ නිසා පොලු‍මුරේ යන්න පොල්ලමුරෙ යයි ප්‍රසිද්ධ වු බවට මතයක් පවතී.

පනාමුරේ
කොස් ගස්වලින් ගහණව තිබු කැලයක පිහිටි මුර පොළ පනාමුරේ වි යයි කියති‍.මෙය දළදා වහන්සේ සඳහා සඳගිරියට දකුණු දෙසින් යොදවා තිබු මුර පොළ ලෙස පවසති.

මහවලතැන්න
මහ කැලෑවකින් වට වු තැනි බිමක් නිසා මෙනමින් වූයේ යයි කියති. සුප්‍රකට නිජ බිම වු ගම් පෙදෙසකි.

තෙලදිරිය
තල්ගස් වලින් ගහණ වු මේ පෙදෙසෙහි දී ඇදිරි වීමෙන් යා ගත නොහැකිව පළමුවෙනි රාජසිංහ රජු සෙබළුන් සමඟ මෙහි නවාතැන් ගත් බවත් පසුව තල් – ඇඳිරි යන්න තලැඳිරි වු බවත් පසුව එය තෙලඳිරි වු බවත් කියති.

යහල
පැරැණි රජුන් දවස යපස් උණුකොට යකඩ භාණ්ඩ තනාගත් කම්හල් රැසක් මේ පෙදෙසෙහි වු බවත් දැනුදු ‍මේ පෙදෙසෙහි යපස් බහුලව ඇති බවත් සොයාගෙන ඇත. යකඩහල් යන්න යහල් ලෙස පසුව ව්‍යාවහාර වී ඇත.

රාස්සගල
රාවණ රාජු දවස පටන් කලක් ගත වන තුරුම රාක්ෂස ගෝත්‍රකයන් විසු ප්‍රදේශය මෙ නමින් ප්‍රකට වුයේ යයි කියයි. තවත් මතයක් කියන්නේ ඔත්තුකරුවන් සිටුවා ත්‍රි සිං‍හලයහි මූලස්ථානය වු කන්ද උඩරට රාජධානියට රහස් සැපයු ඒ ගල් කදු වලින් හෙබි තැන රහසිගල යන්න රහස්ගල වී පසුව රාස්සගල නමින් වී ඇත.

මුත්තෙට්ටුගම
පැරැණි රජුන් දවස රාජ ප්‍රසාද වශයෙන් යම් යම් අයට නින්දගම් , මුත්තෙට්ටු ප්‍රදානය කළ බවත් එහෙයින් මෙම නම ලැබි ඇතැයි මතයක් ඇත. තවද හල්දුම්මුල්ල සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත යන සේවා පිරිස් සදහා ආහාර ලබා දුන් ප්‍රදේශය නිසා මේ නම පටබැදි බැවි පැවසේ. මුත්තෙට්ටුගම සිට සොරගුණේ කුඩා කතරගම දේවාලය වෙත පයින්ම ගමන් කල හැකි අප්‍රකට මාර්ගයක් වර්තමානයේදීත් පවතී.

අළුත් නුවර
විමලධර්ම සූරිය මහ රජු සේනාව පිරිවරා මැදගම දේවාලය අසලින් යන විට ශංඛනාදයක් අසා මවිතයට පත්ව ඒ කුමක්දැයි ඇසීලු. බ්‍රාහ්මණ වංශික නාරායණ අප්පුහාමි මැදගම දේවාලයේ කන්ද ස්වාමින්ට කෙරෙන තේවාව බව ඇසු රජු රන් පණම් පොදියක් බාර වී ඕපනායක හුණුවල වෙලේ දී කඳවුරු බැඳ සීතාවක රජු හා සටන් කොට තුන් වෙනි වතාවටත් ජය ගෙන යද්දි බෙල්ලෙහි සොරවියල් ගෙඩියක් හට ගත්තෙලු. එයින් පීඩිත වු රජු මැදගම දේවාලයට පඩුරු වශයෙන් අඵත් නුවරක් කරවා දේවාලයක් තැන වු බව අඵත් නුවර දේවාල ලේකම් මිටිය සදහන් කරයි.

කිංචිගුණේ
අළුත් නුවර දේවාලයක් කිරිමට බාර හාර වි මඳ දුරක් ගිය රජුට තරමක සුවයක් ලද නිසා “කිසියම් ගුණයක් ඇත” යන තේරුමින් කිංචිගුණේ යන නම තබා ඒ ප්‍රදේශය ද කඳ කුමරුන්ට පීදී යැයි මතයකි.

හොරගුණේ
මේ ප්‍රදේශයේදි ස්වර වියල් ගෙඩිය සම්පුර්ණයෙන් යුව වු නිසා ස්වර ගුණේ යන්න සොරගුණේ යනුවෙන්ද පසුව හොරගුණේ යයි නම් තැබී ඇති බැව් අඵත් නුවර දේවාල ලේකම් මිටිය සදහන් කරයි.

දිගදුරේ
මෙහි පෙර සිටම සිව දේවාලයක් තිබු බවත් එය කඩා දමා පසුව විහාරයක් කරවා කොට්ටිඹුල්වල විහාරයට පිදු බවත් කියැවේ. දිග යනු සිව දෙවියාට නමකි. ශිව දේවාලයේ තේවාව කරන්නා දිගදුරයා හෙවත් දිගදුරා නමින් හැඳින්වු බවත් ඔහුට දී තිබු කුඩා ගම මෙනමින් හදුන්වා ඇත.

බෙල්ලන් බැඳි පැලැස්ස
මෙම පෙදෙස බළන්ගොඩ යුගය හා සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය වු සොහොන් බිමක් ලෙස මහාචාර්ය්‍ය දැරණියගල මහතා සලකයි. බිල්ලන්බැදි පැලැස්ස යන්න බෙල්ලන් බැඳි පැලැස්ස ලෙස ප්‍රකට වී ඇත. තවද බෙලිකටු වලින් ගහණ නිසා පැරණි මානවයෝ බෙල්ලන් ආහාරයට ගත් නිසාද මෙම නම යෙදෙන්නට ඇතැයි කියති.

බළන්ගොඩ ආශ්‍රිත ප්‍රදේශ වලින් මතුවන නව ශ්‍රී ලංකා ඉතිහාසය..

බළන්ගොඩ උරුමය මගින් සංවිධානය කල ඉතිහාසය පිළිබද ‍මෙම ‍දේශණයක් 2014 නොවැම්බර් 21 දින බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විනි. බළන්ගොඩ අධ්‍යාපන කලාපයේ විදුහල්පතිවරුන්, ගුරුඋපදේශකවරුන්, ගුරුභවතුන් සදහා පැවැති මෙම විශේෂ දේශණය සිදුකරන ලද්දේ කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් අධ්‍යන අංශයේ ජේෂ්ඨ මහාචාර්‍ය රාජ් සෝමදේව මහතා විසිනි.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (11 කොටස)

අලංකාරපංගුව
රාස්සගල ප්‍රදේශයේ ඇති ගම්මානයකි. මෙහි අතීතයේ ජීවත්ව ඇත්තේ අලුත්නුවර දේවාලයේ පෙරහැර කිරීම සදහා සැරසිලි (අලංකාර) සිදු කිරීම භාර දී ඇති ජන පිරිසයි. මෙහි බොහෝ ඉඩම් තවමත් අලුත්නුවර දේවාලේ භාර‍යේ පවතී. නමුත් වර්ථමානයේ මෙහි ජීවත් වන ජනතාව අලුත්නුවර දේවාලයේ පෙරහැර හා සම්බන්ධ නොවේ.

අටවක්වෙල
අට තැනකින් වක ගැසුනු කුඹුරු යායකින් යුක්ත ප්‍රදේශය අටවක්වෙල නමින් හැදින්වේ. බොල්තුබේ සමන් දේවාලයේ පිරිත් නිලය සදහා වෙන්කල ගමක් වන අතර මෙම ගමේ පිහිටි පංසලේ ඉර හඳ හා දේව රූප සහිත වට අත්තක් කෙටු ගලක් තිබූ බවක් පැවසෙන අතර වර්ථමානයේ එය දක්නට නැත.

රාස්සගල
අතීතයේ රජ දවස මෙම ප්‍රදේශයේ රහස් අගලක් තිබී ඇත. එබැවින් රහස් අගල යන්න රාස්සගල විය.

අමුපිටිය
පත්තිනි දේවිය වෙනුවෙන් කෙරෙන අංකෙළිය නැමති ක්‍රීඩාව කල පිටිය ආශ්‍රිත ප්‍රදේශය අමුපිටිය ලෙස නම් දරා ඇත.

අමුවතුගොඩ
අමු නමැති ධාන්‍ය වර්ගය වගා කර ඇති වතු තිබු නිසා අමුවතුගොඩ යන නම සෑදි ඇත.

ඉඹුල්පේ
ඉඹුල් ගස් රාශියක් නිසා සෙවන ඇති ප්‍රදේශයක් මේ නම් විය.

ඊරියවින්න
ඊරියවින්න ගස් බහුලව පවතින නිසා එලෙස නම් විය. මෙම ප්‍රදේශයේ යාමන්නු හෙවත් හේවා කුලයේ අය සිට ඈත අතීතයේ යපස් උණුකොට යකඩ සාදා ඇත.

උග්ගල් කල්තොට (අඵත්නුවර)
කල්තොට ප්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම සඳහා වලවේ ගගෙන් ජලය ගැනීම නීල මහා යෝධයා ඇලක් කපා තිබේ.ඇල කැපීමේදී මතු වූ ගල කැඩීමට ඔහු රාත්‍රියේම ගිනි මොලවා කතරගම දෙවිටයන්ට යාතිකා කර තිබේ. ඒ ගින්න හේතුවෙන් අඵයම ගල කැඩී උක්කොලයක් එහි රැදීම නිසා උක්ගල් කල්තොට නම සෑදී තිබේ. එම ගින්න හේතුවෙන් උක්කොලය දැවී එය අඵත්නුවර අද දේවාලය ඉදිකර තිබූ විශාල නුග සහිත කැලයකට වැටී එම කැලය දැවීගිය නිසා අඵත්නුවරටද උග්ගල් යන නම් ව්‍යවහාර විය. මෙම ගල කතරගම දෙවිදුන්ගේ අනුහසින් කැඩුණු නිසා නීල මහා යෝධයා විසින් දොලොස් මහා අමුනක කුඹුරක් පූජා කර පුද පූජා පවත්වා ඇත. අදත් මෙම ප්‍රදේශයේ ගොවියෝ උක්ගල් අඵත්නුවර දේවාලයට වී පූජා කරයි. දේව කන්නලව්වකට අනුව දැඩිමුන්ඩදෙවියන් දෙවුන්දර සිට උක් හේනක් දැක ගල් වෙන්නට වරම් දී එම පෙදෙස උග්ගල් අඵත්නුවර ලෙස ප්‍රකට විය.

දම්පිටිය
දංගස් තිබූ තැනිතලා ප්‍රදේශයයි.

දිවුල්මුල්ල
දිවුල්ගස් තිබූ මුඵ පෙදෙසයි.

දෙනපිටිය
දෙණ බිමකින් යුත් තැනිතලා පෙදෙස වේ.

දෙල්ගහතැන්න
දෙල් ගස් බහුල තැනිතලා පෙදෙසයි

දොඩම්සෙගම
දොඩම් මනාව වැඩුණු පෙදෙස වේ.

නාවල
නා ගස් බහුල කැලෑද පෙදෙස

නැදුන්ගම
නැදුන් බහුල පෙදෙස

තිත්මඵව
වන ලැහැබ් නිසා අදුරු පෙදෙසකි. තිත්ත නම් වැල් තිබී ඇත.

නිල්ලඹ
නිල් පාටට හුරු පිරිසිදු ජලාශ්‍රයකින් යුත් පෙදෙසයි.

නෙල්ලිවල
නෙල්ලි ගස් බහුලව තිබූ පෙදෙසයි.

පන්දෙණිය
පන් ගස් බහුලව දක්නට දක්නට ලැබු පෙදෙසකි.

පඹගොල්ල
පඹ නැමති වැල් බහුලව වැවී ඇති නිසා මෙනම් විය.

පල්ලෙවෙල
කඳු පාමුල කුඹුරු ආශ්‍රිත පෙදෙසයි

පස්වැල්ගොල්ල
විවිධ වර්ගයේ වැල් ඇති නිසා මෙනම ලැබීය.

පිටදෙණිය
වැවකින් පිහිටි දෙතිනි පෙදෙස යි

පිටියවැන්නවත්ත
මෙය තැනිතලා පෙදෙසක පිහිටි ගමකි.

පුවක්ගහඅරාව
පුවක් ගස් බහුල පෙදෙස

බැවිලේගොඩ
බැවිල ගස් බහුල පෙදෙසයි.

බිබිල
දිය බුබුලක් අවට පෙදෙසයි.

බෙල්ලන්කන්ද
ගොඵබෙල්ලෙකු හැඩයටත් බෙල්ලන් බහුල නිසාත් මෙලෙස නම් විය.

මල්පෙ
මල් ගස් වල සෙවන ලත් පෙදෙස

මැද්දන්වෙල
කුඹුරක් මැදිකොටගත් ගම් පෙදෙසයි.

ගැට්ටපාන
ගල් කන්දක් අයිනේ පිහිටි ගම

ගැටඅරුඵව
අරඵ ගස් බහුලව තිබූ ප්‍රදේශය මෙසේ හැදින්වේ.

ගෝනමුල්ල
ගෝන්නු සිටි මුඩු ප්‍රදේශය ගෝනමුල්ල නම් විය.

කබලඇල්ල
විශාල බෙනයක් සහිත ගහක් තිබුණු ඇලි ප්‍රදේශය කබල ගහ ඇල්ල නම් වේ.

තැන්නේකුඹුර
තැනිතලා ප්‍රදේශයක පිහිටි කුඹුරු ආශ්‍රිත ප්‍රදේශයකි.

දන්ගස්වෙල
දන්ගස් බහුල කුඹුරු පෙදෙසයි.

ගැටඅරඵව
අරඵ ගස් බහුලව තිබූ ප්‍රදේශය මෙසේ හැදින්වේ.

ගෝනමුල්ල
ගොන්නු සිටි මුඩු ප්‍රදේශය ගේනමුල්ල නම් වේ.

කබලඇල්ල
විශාල බෙනයක් සහිත ලොකු ගසක් තිබුනු ඇලි ප්‍රදේශය කබලගහ ඇල්ල ලෙස හැදින්වේ.

තුන්කුදි
තුන් තැනකින් ගිලා බැස ඇති දූපත් වැනි ප්‍රදේශයයි.

තුංකිද
මොදරවල් 03 ක් එකට එකතුවී තුම්මොදර ලෙස නම්ව පසුව තුංකිද ලෙස නම් විය

තුම්පිටිය
ආරක්ෂක මුරකුටි ටැම්පිට පිහිටුවා සකස් කල තැනිතලා පෙදෙස ටැම්පිටිය පසුව තුම්පිටිය නම් විය.

තෝරවෙලකන්ද
තෝර පැලෑටි බහුල වෙල් වලින් යුත් කදුකර පෙදෙසයි.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (10 කොටස)

පොකුණුගම
අතීතයේ  සිට අඵත්නුවර ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජලය ලබා ගන්නේ මෙම පොකු‍ණ මගිනි. එබැවින්  මේ පොකුණ නිසා මෙම ගම පොකුණු ගම විය. තවද මෙම ප්‍රදේශයේ කුඹල්කරුවන් සිටින නිසා ඔවුන් බොහෝ මැටි වලං සාදයි. මෙම වලං සෑදීමට මැටි ගැනීම නිසා පසුව ජලය පිරීමෙන් පොකුණක් මෙන් දිස් වේ.

පොල්ගහගම
මෙය බොල්තුබේ  ප්‍රදේශය හා සම්බන්ධ වූවකි. දෙවියන් සදහා පොල් ගැසීම මෙම  ප්‍රදේශයේ සිදුකර ඇත.

බුදුන්වෙල
බුද්ධශාසනයේ නඩත්තුව පිනිස පුදන ලද වෙල් යාය ආශ්‍රිත  ප්‍රදේශයයි.

යක් කුඹුර
යක් දෙස්සන් වෙනුවෙන් පවරා දුන් කුඹුර නිසා ඒ පෙදෙස මේ නම් විය.

යක්දෙහිගොඩ
අතීතයේ යක්දෙස්සන් ජීවත් වූ පෙදෙස මේ නමින් හැදින්වේ. ඔවුන්ගෙන් පැවත එන්නන් මෙහි වාසය කරයි.

යක්දෙහිවල
මෙම ගමද යක්දෙස්සන් වාසය කරන පෙදෙසකි.

යහෙලකුඹුර
යපස් උණුකර යකඩ හා වානේ සාදා ගත් ප්‍රදේශයට අයත් කුඹුර ආශ්‍රිත ගම යහලේ කුඹුර විය.

රත්රන්අරාව
රන් පතුරු බහුල වශයෙන් හමු වූ  දොල පාරකින්  සමන්විත පෙදෙසයි.

රඳුගොඩ
රජක වැසියන් හෙවත් රද කුලයේ  මිනිසුන් වසන ගම් ගොඩ රාදා ගොඩ වී පසුව රදුගොඩ විය.

රංචාගොඩහෙල
බාධාවකින් තොරව අරුණඵ මේ පෙදෙසට වැටීම නිසා ,හිරු රැස් වලින් බැබලුන හෙල පෙදෙස මේ නම් විය.

රාවණාකන්ද
රාස්සගල ප්‍රදේශය ආශ්‍රිතව පිහිටි රාවණා රජුගේ ඔත්තුකරුවන් සිටි ප්‍රදේශය වේ.

වලේබොඩ
වලවේ ගඟ ආශ්‍රිත ජනපදයක් බැවින් මේ නම් විය.

වැලිහරනාව
වලවේ ගඟෙන් වැලි ගොඩ දමන නිසා මේ නම් විය.

විහාරවෙල
විහාරයේ පැවැත්ම වෙනුවෙන් දුන් වෙල්යාය නිසා මේ නම ලැබුනි.

සමන්ඇල්ල
මේ ප්‍රදේශයේ ඇති සිත සනසනලද ගුණය නිසා සමන්ඇල්ල නම් වී ඇත.

සීලගම
සිසිල් දේශගුණයක් ඇති බැවින් සීතල ගම පසුව සීලගම නම් වී ඇත. තවද මෙහි වු කුඹුර වල සීසාන නිසා හා හීලෝගම පසුව සීලගම වු බවත් පැවැසේ.

සුදුහකුරුකන්ද
අඵත්නුවරට කිතුල් හකුරු සැපයූ අය සිටි පෙදෙස වේ.

සටන්පොල
අඵත්නුවර ආශ්‍රිත රාජධානියක රජවරු භටයන් පුහුණු කල ස්ථානය වේ.

අගලේගම
කඳු බෑවුම් මත පිහිටි ගම අගලේ ගම නම් වේ.

අමුණුමුල්ල
ජලය බෙදන අමුණක් අසල පෙදෙසක පිහිටීම නිසා අමුණුමුල්ල නම් වේ.

අස්වැද්දුම්ගොඩ
කුඹුරු ගොවිතැන් කරන පෙදෙස වේ.

ඇල්ලරාව
කුඩා දියඇල්ලක්  සහිත දියපාරක් ඇති නිසා මේ නම් විය. මෙහිදී ඇල්ල ආරව (ඇල්ල – දියඇල්ල / අරාව- කුඩා දිය පාර) පසුව ඇල්ලරාව නම් වී ඇත.

කොස්වින්න
කොස්ගස් බහුල ප්‍රදේශය කොස් වින්න නම් විය.

කෝන්ගොල්ල
කෝන්ගස් බහුලව තිබූ නිසා කෝන්ගොල්ල නම් විය.

ගංගොඩඅරාව
ගම් කිහිපයක එකතුවෙන් යුත් දිය පාරකින් හෙබි පෙදෙස වේ.

ගල්අරාව
ගල බහුල ප්‍රදේශය ඇදි ගිය දියපාර සහිත පෙදෙස ගල් අරාව නම් වේ.

ගල්ඇන්ද
ගල් ඇදි වලින් යුක්ත වූ පෙදෙස ගල් ඇන්දු වී තිබේ.

උඩගම
කඳු ගැට ඉහල පිහිටි ගම්පෙදෙස උඩගම නම් වී ඇත.

කෙම්වල
ආරක්ෂාවට සැගවීමට සුදුසු පෙදෙස වේ.

ඉලුක්කුඹුර
ඉලුක්ගස් බෙහෙවින් වැවී තිබු කුඹුරක් සහිත පෙදෙස ඉල්ක් කුඹුර නම් වේ.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (9 කොටස)

මැදගෙදරගොඩ
ගම්ප්‍රධානියා සිටි ගෙය මැදට කර අනෙක් ගෙවල් සෑදු නිසා මෙම ගම මැදගෙදරගොඩ නම් විය.

මැදගම්මැද්ද
ගම වටා ඔයක් පිහිටීම නිසා මේ නම ලැබුණි.

මුතැන්පොල
දේවාලයේ මුඵතැන් සකස් කල අය වෙනුවෙන් කරන ලද ස්ථානය මේ නම් විය.

මොරහැල
පැරණි රජුන් දවස මොර ගසක් ආධාර ‍කොට ගෙන මුර ශාලාවක් සාදා තිබූ නිසා මේ නම් විය.

බොරන්ජමුව
රන්වන් පැහැයෙන් ජලය ගලා ඇලක් සහිත වු නිසා මේ නම ලැබී ඇත.

මංඩාවල
මංඩලාකාර වලක ස්භාවයක් ඇති ප්‍රදේශයක් නිසා මේ නම ලැබී ඇත. තවත් මතයක් වන්නේ ‍මේ ප්‍රදේශයේ වැසියන් මංඩා හෙවත් පිගන් භාජන ආදිය සෑදු නිසා මෙලෙස නම් ලැබී ඇති බවයි.

මාමල්ගහ
මෙම ගමේ මීට පෙර විශාල නාමල් තිබුණු නිසා ඒ නම් විය. තවත් මතයක් වන්නේ යකඩ උණු කරන තැනක් ලෙස මෙම පෙදෙස පැවැති හෙයින් එයින් පිටවෙන ගිණි පුපුරු මල් මෙන් නිසා මේ නම් වු බවයි.

මාරතැන්න
මාර ගස් බහුලව තිබූ නිසාත්,තැනිතලා ප්‍රදේශයක වූ නිසාත් මාරතැන්න නම් විය.

මාලිගාගොඩැල්ල
හැම පැත්තෙන්ම ජලයෙන් වට වූ ගොඩබිම් ප්‍රදේශය අතීතයේ මාලිගාවක් තිබූ බව පැවසෙන හෙයින් එම පෙදෙස මාලිගාගොඩැල්ල නම් විය.

දැලිගුරුඅරාව
කලු පාටට හුරු වල මැටි ඇති ප්‍රදේශය මෙලෙස හැදින්වේ.

දෙදනගල / දෙතනගල
නිදා සිටින කාන්තාවකගේ පියවුරු දෙකක් සේ පෙනෙන බැවින් දෙතනගල ලෙසද, රාම රාවණා යුදයේදී රාම විසින් මෙම කදු දෙක මත දෙදන තබා වෙරගෙන රාවණාට දුන්නෙන් විද්ද නිසා දෙදනගල ලෙසද ප්‍රකටව ඇත.

දෙනගම
පෙට්ටියක ආකාරයෙන් පිහිටි කඳු ගැටයක් සහිත පෙදෙසක ඇති ගමකි.

දේවාලේගම
දේවාලේ වැඩ කටයුතු කරන්නන් සඳහා වූ ගම් පෙදෙසයි.

නම්පේරියල්
සුද්දන් විසින් තේ වගා කර ඇති ප්‍රදේශයේ ඉහල කොටස නම්පේරියල් නම් විය.

පස්සරමුල්ල
සරු පස් වලින් යුක්ත වූ නිසා පස් සරු මුල් නම් විය. ඉන්පසු උච්චාරණය පහසුව සඳහා පස්සරමුල්ල නම් විය. තවත් මතක් වන්නේ පාත්‍රයක් තැම්පත් කල මුඵ ප්‍රදේශය අරුතින් පාත්‍රාමුල්ල පස්සරමුල්ල නම් වී තිබේ.

නවන්ගොඩ
රජ දවස කර්මාන්ත නවයක් කල කුල නවයක් විසූ පෙදෙස මෙනම් විය.

පාගල්ඕවිට
යාපා රජු මාලිගාවට ගමන් කල මාර්ගය පාගල්ඕවිට නම් විය. මීට අමතරව තවත් මතයක පැවසෙන්නේ ගල පහල ඕවිට යන අරුතින් පාගල්ඕවිට නම් වු බවයි.

පාන්සලඹ
ලම්භාකාර ගල් කුඵණු වලින් යුක්ත ප්‍රදේශය පාන්සලඹ නම් විය. ලබපහන් ප්‍රදේශය යනු මෙහි අරුත වන අතර පහන් යනු පාෂානයන්ය.

පාරුබොක්ක
දෙනගම්ඔයට ආශ්‍රිත නිසා එය ගලන විට එගොඩ මෙගොඩ යාමට තැබූ පාරු නැවැත්වීමට තිබූ ස්ථානය මුල් කොටගෙන මෙය පාරුබොක්ක නම් විය.

පිටවල
පිට යනු පිටත නිසාත් වල යනු වනය නිසාත් වනයේ පිට ප්‍රදේශය පිටවල නම් විය.

පිඩලිගන්නාවෙල
මැද්දේගම රාජධානිය නිර්මාණයේදී අවශ්‍ය වූ පිඩලි පස් තට්ටු ලබා ගත් වෙල මෙසේ හැදින්වේ.

පින්නවල
මෙම නම ලැබීමට හේතු ලෙස මත කිහිපයක් පවතී.
* පින්න නැමති ගස් බොහෝ තිබූ හෙයින් ද
* පිනි බර ගතිය වැඩි හෙයින්ද
* පුණ්ණවේලු නමින් මුලින් හැදින්වු මෙම ප්‍රදේශයට එ නම ලැබී ඇත්තේ රාවණා හා රාමා අතර වූ දුනු පෙලීම නිසා වු අතර පසුව එය පින්නවල විය.

පුටුපාහින්න
රාවණා රජුට විභීෂණ පිටු පෑ තැන පිටුපාහින්න නම් විය. පසු කලෙක එය පුටුපාහින්න නම් විය. තවද පුටු කකුලක හැඩය ඇති කඳු ගැටය නිසාද මෙම නම ලැබී ඇතැයි විශ්වාස කෙරේ.

පුපුලුගල
පුද්ගලයකුගේ පපු ප්‍රදේශය වැනි ගල් තලාවකින් හෙබි නිසා පුපුලුගල නම් විය. මේ නමින් දිය ඇල්ලක්ද වේ.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (8 කොටස)

වලවල
කැලෑ පෙදෙසක් ආශ්‍රිත ප්‍රදේශයක පිහිටි ගම්මානයකි.

වැරැල්ලපතාන
වැරැල්ල ගස් බහුලව පැවැති පෙදෙසක් බැවින් මෙනම ලැබී ඇත.

වෙරඵලස්තැන්න
වෙරඵ ගස් තැනිතලා බිම බොහෝ සෙයින් වැඩී තිබූ බැවින්‍‍ වෙරඵලස් තැන්න නම් විය.

වෙලන්හින්න
වෙලන් ගස් බහුල ලෙස වැවී ඇති බැවින් මේ නම් විය.

සිසිල්ටන්වත්ත
සිසිල්ටන් නැමැත්තාගේ ගෙවත්තක් ආශ්‍රිත පෙදෙස බැවින් මේ නම ලැබී ඇත.

සීලන්අරාව
ඉතා සිහිල් ජලයෙත් යුත් ඇලක් ගලා බැසීම නිසා ගැ‍මියන් මේ ප්‍රදේශයට සීලන්අරාව ලෙස හැදින්වීමට පටන් ගෙන ඇත.

හල්ගහවෙල
හල්ගස් බහුලව වැවී ඇති පෙදෙසක් නිසා‍ මේ නම ලැබී ඇත.

හාතාහේන
හාතාවාරිය වැල් බහුල වශයෙන් වැවී තිබුණු පෙදෙස් නිසා මේ නම ලැබී ඇත.

හෙලනෙල්ලිවල
කඳු සහිත බෑවුම් පෙදෙසක නෙල්ලි ගස් විශාල වශයෙන් වැවී තිබුනු බැවින් මේ නම ලැබී ඇත.

හෙලවත්ත
කඳු මුදුනක පිහිටි වත්ත ආශ්‍රිත පෙදෙසක් නිසා මේ නම ලැබී ඇත.

හොරවින්න
හොර ගස් බහුල ලෙස වැවී ඇති පෙදෙසක් බැවින් මේ නම ලැබී ඇත.

මැද්දේ ගම
ගම් රාශිය මැද පිහිටි ගම්මානයක් නිසා මැද්දේගම විය.

කොටබෝධිය
අතීතයේ යුද්ධ කාලයේදී මායාදුන්නේ රජුට තාවකාලිනව නැවතීමට පිලිසරණ වූ පෙදෙසට , කලගුණ සැලකීමක් ලෙස ශ්‍රී මහා බෝධි අංකුරයක් පිහිටුවා ඇති පෙදෙසක් නිසා කොටබෝධිය නම් විය.

මැද්දේතලාව
කඳුකර තෘණ වලින් යුක්ත තැනිතලා ප්‍රදේශයකි.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (7 කොටස)

කනමුල්කැටිය
ගෙවල් සාදා ගැනීම පිණිස අතීතයේ කණු කපා ගත් මුල් වලින් යුක්ත ප්‍රදේශය කනමුල් කැටිය නම් විය.

කනවින්න
සටන් බිමේදී අන්ධභාවයට පත් තැනැත්තෙකුට පිරිනමන ලද ප්‍රදේශයක් ලෙස මතයක් පවතී. තවද හදිහූනියන් කරන පිරිස් හා හදිහූනියන් කපා ඉවත් කරන පිරිස් සිටි මෙම ප්‍රදේශය අතීතයේ විනකන්න නම් වී වර්ථමානයේ කනවින්න නම් වේයැයි තවත් මතයකි.

කරගස්තලාව
අතීතයේ ඇතිවු භීෂණ කාලයකදී ජනතාව කරගස් වල කොල කා ජීවත් වූ නිසා මෙම ප්‍රදේශය කරගස්තලාව නම් විය. තවද ගල්ගතලාව මත කරගස් විශාල වශයෙන් වැවී තිබුණු බැවින් මේ නම ලැබු බවද පැවසේ.

කිරිකුඹුර
කුඹුරු හාන අවස්ථා වලදී ජලය කිරි පාට පෙණ පුඩු වලින් ගැවසි ගත් කුඹුරක් නිසා මෙම නම මේ ප්‍රදේශයට‍ ලැබී ඇති බවත් වගා නොකරන අවස්ථා වලදී බහුල වශයෙන් කිරි එලදෙනුන්ට තණ කැවූ කුඹුරක් නිසා මෙම නම ලැබුනු බවත් පැවසේ.

කිරිල්ලවල
අතීතයේ රජ දවසෙහි උල තැබීම නම් දඩුවම් ක්‍රමය තිබි ඇත. කිරිල්ල ගස් උලක් සාදා වැරදි කරවූවන් කිරිල්ල උල මත තැබූ බැවින් මෙම පෙදෙස කිරිල්ල උල නම් විය.

කුඩාකාරපොල
මේ නම් බොල්තුබේ දේවාලයේ සේවය සඳහා මිනිසුන් හට නැවතී සිටීම සදහා ඇති ප්‍රදේශයයි.

කුඹල්ගම
මෙම ප්‍රදේශයේ කුඹල් වැඩ කරන්නන් ‍බොහෝ සිටි නිසා මේ නම ලැබී ඇති බැවි පැවසේ.

කුරිකුඹුර
කුරි යනු මඩ කරියෝය. ඔවුන් වැඩි වශයෙන් සිටින කුඹුර ආශ්‍රිත පෙදෙස කුරිකුඹුර නම් විය.

කෙසෙල්කොටුව
මැද්දේගම රාජධානියට අවශ්‍ය කෙසෙල් කැන් ලබා ගනු ලබන ප්‍රදේශය කෙසෙල් කොටුව නම් විය.

කොවුල්කාරයෝගොඩ
රජුට ආරක්ෂාව සැපයූ ප්‍රදේශයේ සිටි අයගේ පෙදෙස කොවුල්කාරයෝගොඩ නම් වී ඇත.

කෝට්ටියාවත්ත
කෝට්ටියාවත්ත සෑදී ඇත්තේ මැද්දේගම රාජධානියේ බලකොටුව අසල ඇති වත්ත යන අදහස ලබා දීමෙනි.

ගලේකන්ද
ප්‍රධාන ගල්ලෙනක් සහිත කන්ද මේ නමින් හැදින්වේ.

ගැරඩි ඇල්ල
‍මෙම දිය ඇල්ල ගැරඩියෙක් ගමන් කරන ආකාරයට ගලා බසින නිසා මෙම නම ලැබී ඇත. තවත් ජනකථාවක කියැවෙනුයේ දෙදනගල කන්දෙන් වැටෙන මෙම ගැරඩි ඇල්ල බුදු හිමිගේ සිරිපා පහස නොලැබීමට වසවර්ති මාරයා විසින් ගැරඩියෙකු මරා දැමූ හෙයින් මෙම දියඇල්ල ආශ්‍රීත ප්‍රදේශයට ගැරඩි ඇල්ල නම ලැබුනු බවයි.

ගුරුබැවිල
කඳු පාමුලක විලක් ඇති හෙයින් ගුරුබැවිල නම් වී ඇත. තවත් මතයක් වන්නේ මෙහි ඇති විලක් අසල සන්නාසියෙකු සිටි නිසා මේ නම ලැබුණු බවයි.

තානායම්ගොඩ
රාජකීය අමුත්තන් හා ප්‍රධානීන් පැමි‍ණෙන විට ඔවුන්ට නවාතැන් ගැනීමට සකස් කල ස්ථාන ඇති පෙදෙස තානායම්ගොඩ නම් වේ.

තොටපල්ල
මෙහි තොට නම් රෙදි පිලි ආදී සෝදා පවිත්‍ර කරන ස්ථානය තොටපල්ල නම් වී ඇත.

මැදවෙල
විශාල කුඹුරුයායක් මැදි කරගත් පෙදෙස මෙනම් විය.

මැදහින්න
තැනිතලා පෙදෙසක පිහිටි කඳු ගැටයකින් යුත් ගම් පෙදෙස මේ නමින් හැදින්විය.

මිගෙනවෙල
මුගුණ නම් පලා වර්ග වැවුණු කුඹුර ආශ්‍රිත පෙදෙස මුගුණවෙල පසුව මිගෙනවෙල නම් වී ඇත.

මුංගස්තැන්න
මුං නැමති ධාන්‍ය වගා කල තැනිතලා පෙදෙස මුංගස්තැන්න නම් විය.

මෙගොඩගම
මේ නම් වෙල්යායකින් මෙහා පැත්තෙන් පිහිටි ගමයි.

මෙගොඩවලේබොඩ
වලවේ ගඟ ආශ්‍රිතව දකුණු පස පිහිටි පෙදෙස වේ.

එගොඩවලේබොඩ
වලවේ ගඟ ආශ්‍රිතව වම් පස පිහිටි පෙදෙස වේ.

මොරවාකඳුර
මොර ගස් වැවී තිබුනු දිය කඳුරු පිහිටි පෙදෙස මෙනම් විය.

යටිඅගලේගම
කදු ගැටියේ පාමුලම පිහිටි ගම යටිඅගලේගම විය.

රත්මලවින්න
රත්මල් නැමති ගස් බහුල වශයෙන් වැවී තිබුණු බැවින් මේ නම ලැබී ඇත.

නඵවෙල
රගපෑම, නැටුම් ආදී ශිල්පයන් ප්‍රගුණ කල අයට රජු විසින් ලබා දුන් කුඹුරු සහිත පෙදෙස මේ නමි විය. තවමත් මෙහි ඒ පරම්පරා වල ජනතාව දැකගත හැකිය.

වලව්පින්න
වලව්වක් පිහිටි වත්ත ආශ්‍රිතව පෙදෙස මෙනම් විය.

වලවේගෙදර
මෙයද වලව්වක් පිහිටි ප්‍රදේශය ආශ්‍රිත වූ ගම්මානයකි.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (6 කොටස)

උළුපිටිය
අළුත්නුවර දේවාලය ඉදිකිරීමේදී උළු හා ගඩොල් සෑදු ගම උළුපිටිය ලෙස නම් ලැබී ඇත.

එළු ගාල
මැද්දේගම රාජධානියේ ජනතාවගේ පාලන අවශ්‍යතා සඳහා වූ එළුවන් ගාල් කර තැබූ එළුගාල ලෙස ව්‍යවහාර වන බැව් පැවසේ. මේ පිළිබද තවත් ජනප්‍රවාදයක් අනුව පෘතුග්‍රීසින් ඔවුන්ගේ ආහාර සදහා වූ එළුවන් ගාල්කර තැබූ ස්ථානය මෙය ලෙස පැවසේ.

ඔලිතැන්න
ඔලි නම් මිනිසුන්ගේ වාස ප්‍රදේශය ඔලි තැන්න ලෙස හදුන්වා ඇත.මේ පිළිබදව තවත් ගැමියන් අතර පවතින මතයක් වන්නේ ඔලි යනුවෙන් බස්වහරේ ආලෝකය හැදින්වීමට යොදා ගන්න බැවින්, හොදින් ආලෝකය වැටෙන ප්‍රදේශය ඔලිතැන්න නම් වී ඇත.

ඕලුගංතොට
රාම – රාවණා යුද්ධය පැවැති අවස්ථාවේ දෙදනගල කන්දේ (‍දෙතනගල ලෙසද හැදින්වේ) සිය දනිස් දෙක තබා වෙරගෙන රාම රජු විද්ද ඊතලයක් වැදුණු රාවණා රජු‍ගේ හිස වලවේ ගඟ අසබඩ වැටුණු ස්ථානය ඕලුගංතොට නම් විය. මෙම යුද්ධ අවස්ථාවේ වැදුනු පහරවල් නිසා පෙට්ටිගල කන්දේ කොටසක් බිදී ගොස් ඇති බවද කියැවේ.
ඕලුගංතොට යන නම සැදුනු අයුරු තවත් ජනකථාවක කියැවෙනුවේ රාවණා රජු හෝ වෙනත් රජ කෙනෙකු බළන්ගොඩ ප්‍රදේශ‍යේ සිටින ඕලුවෝ නම් මුවන් දඩයම් කිරීම සදහා පැමිනි තොටුපෙල ඔලුගංතොට ලෙස හැදින්වෙන බවයි. එහෙත් තවත් මතයක් වන්නේ වලවේ ගග හරහා පාලමක් නොමැති කල ගංදිය හරහා එහා මෙහා යන ඔරු නිසා ඔරුගංතොට යන්න පසුව ඕලුගංතොට වී ඇති බවකි. ඕලු මල් වර්ගය වලවේ ගග අසබඩ මෙම ප්‍රදේශයේ බහුලව අතීතයේ තිබු නිසා ඕලුගංතොට යැයි පැවසු බව තවත් මතයකි.

මස්සැන්න
රාම රාවණා යුධ අවස්ථාවේ රාවණා රජුගේ මස් කැබැල්ල වැටුණු තැන මස්සැන්න ලෙස නම් ලැබී ඇතැයි පැවසේ.

කන්තිරියන්වෙල
මහවගුරුවල වාසය කරන කනයෝ නම් සතුන් වර්ගයක් වෙයි. තිරියන් යනු හොදට වැඩුණු යන්නයි. එසේ කන්තිරියන්වෙල යන්නෙහි මුල් අදහස වනුයේ හොඳට වැඩුණු කනයන් සිටින වෙල යන්නය.

ඓතිහාසික භූමියක ඉදිවු බලංගොඩ කුමාර විද්‍යාලය

ඓතිහාසික බලන්ගොඩ පුරවරයේ පිහිටි කුමාර විදුහල 21 වන සියවසේ ප්‍ර‍දේශයේ අධ්‍යාපන අඹරේ දිදුලන කතිකාවක් සේ දකිමු. ඇයගේ මෙහෙය පුරා සියවස ඉක්මවා ඇත. එදා මෙදා තුර හෙළ සසුන්කෙත බැබලවූ ලොව පතල අග්ගමහා පණ්ඩිත අභිධජ මහාරට්ඨ ගුරු ආනන්ද මෛත්‍රෙය මහා නායක නාහිමි පාණන් වහන්සේ ඇතුළු අද දක්වා දැයට දායාද කළ බුද්ධිමතුන් අතර වෛද්‍ය,ඉංජිනේරු,නීතිඥ,අධ්‍යාපනඥ රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින්ගෙන්ද පරිපූර්ණය.

කුමාර විදුහලේ මූලාරම්භය 18 වන සියවස දක්වා දිවෙන්නකි. මෙම විදුහල කවදා කිනම් අයෙකුගේ මූලිකත්වයෙන් ආරම්භ වීදැයි සොයා ගැනීමට කිසිදු පැහැදිලි වාර්තාවක් නැත. අනුමාන වශයෙන් මෙම විදුහල 1881 වර්ෂයේදී පමණ රජයේ පිරිමි පාසලක් වශයෙන් ආරම්භ වී යැයි සිතිය හැක. යටත් විජිත ඕලන්ද යුගයේ උසාවියක් ලෙස ඉදිකරන ලද අඩි 78 දිග හා අඩි 33 ක් පළල ප්‍රධාන ගොඩනැගිල්ල ඉංශ්‍රිසි පාලන සමයේ දී පංසලක් ලෙස යොදාගෙන ඇත. ලන්දේසි ගෘහනිර්මාණ ශිල්පය අනුව කළුගලින් බදින ලද විශාල කුළුණු 12කින් සමන් විත මෙම ඓතිහාසික ගොඩනැගිල්ල අදටත් ආරක්ෂා වී ඇත. අනුමාන වශයෙන් සොයාගත් මුලාශ්‍රයන්ට අනුව 19 සියවසේ අගභාගයේ දී පමණ ඉංග්‍රීසින් විසින් ආරම්භ කර ඇත.

1896 අගෝස්තු 08 දින උපතලද ආනන්ද මෛත්‍රෙය මහනා හිමියන් නාරංගොඩ ආරච්චිලාගේ පුංචිමහත්තයා නමින් 1903 වසරේදී මෙම පාසලට ඇතුලත්කර ඇත. 1911 දී පැවිදි වීමට ඇතුලත් වන තෙක්ම ( 8 ශ්‍රේණිය දක්වා) උන්වහන්සේ මෙම පන්සලේ අධ්‍යාපනය ලබා ඇත. මෙරට එවකට තිබූ මිෂනාරි අධ්‍යාපන සමයේ මොනිටර් විභාගය දක්වා මෙහි පන්ති පවත්වා ඇත. එවකට මෙහි සිසුන් 250කට සීමාවිය. පසුව බාලාංශයේ සිට ජේෂ්ඨ පන්තිය දක්වා පන්ති පැවැත්වූ මෙම විදුහලේ 1978 වසරේ සිට 1වසර සිට 5වසර දක්වා වූ ප්‍රාතමික පාසලක් ලෙස ප්‍රකාශයට පත්විය.1980 දශකයෙන් පසු සීග්‍ර දියුණුවකට පත්වූ මෙම විදුහලේ දැනට සිසුන් ප්‍රමාණය 1200 කට ආසන්නය.

මුහුදු මට්ටමින් අඩි 1729 ක පමණ උන්නතාංශයක පිහිටි කුමාර විදුහල උතුරු පසින් බලන්ගොඩ පැරණි බස් නැවතුම්පල ද නැ‍ගෙනහිරින් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගය ද දකුණට සිරිවීරසුන්දරාරාම මාවතින් ද බස්නාහිරින් බලන්ගොඩ පොලිස් ස්ථාන‍යෙන් ද මෙම භූමිය වට වී ඇත. මෙම භූමියෙහි ඉදිකල ඓතිහාසික වූ ප්‍රථම ගොඩනැගිල්ල ද මෙය බව සබරගමු ඉතිහාසයෙහි රන් අකුරින් ලියවෙනු ඇත.

භූගෝලීය වශයෙන් සැලකීමේ දී මෙම විදුහල සුවිශේෂි වේ. එනම් මෙහි එක් වහලයක වැසි ජලය දොරවෙල ගංගාව ඔස්සේ වලවේ නදියටත්, වහලයේ අනෙක් පස වැසි ජලය බලගහමුල දෙසින් දොල පාරකටත් එක් වී වේගඟ ඔස්සේ කළු ගංගාවට ද එක් වී ගලා බැසීම රසවත් පුරාවෘතයකි. මෙම විදුහල් බිම වර්ග මීටර් 6000ක් පමණ කුඩා පුදේශයක පිහිටා ඇත. එක් දරුවෙකුට වර්ග මීටර් 6කට සීමා වීඇත.

භෞතික සම්පත්
01.පැරණි ලන්දේසි ගොඩනැගිල්ල
ලන්දේසි යටත් විජිත යුගයේ උසාවියක් ලෙස ඉදිකරණ ලද ගොඩනැගිල්ලකි. අඩි 78 දිගින් හා අඩි 33 පළලින් මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුව ඉදිරියෙන් ලන්දේසි කොඩියේ ආකෘතිය දැවයෙන් නිමවා ඇත. ඕලන්ද ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල අඩි 2.5 x 2.5 ප්‍රමාණ කලුගල් කුළුණු 12ක් මත වහලය නිමවා ඇත. මෙය වසර 200 කට ආසන්න පැරණි ගොඩනැගිල්ලකි.

02. බුදුමැදුර
03. 70 60 ශාලාව- වසර 40කට වඩා පැරණිය.
04. සියවස පුස්ථකාලය හා ගොඩනැගිල්ල
1960 දී ඉදිකර ඇති 40 20ගොඩනැගිල්ලකි. 88,89 භීෂන සමයේ දී පුස්තකාලය විනාශ විය. මේ සමයේ දී පාසල වසා පොලිස් නේවාසිකගාරයක් ලෙස යොදා ගැනින.
05. දෙමහල්ගොඩනැගිල්ල
06. පරිගණක ඒකකය
07. ගබඩාකාමරය
08. ප්‍රථමාධාර ඒකකය
09. ගුරු විවේකාගාරය
10. අංග සම්පූර්ණ පුස්ථකාලය
11. තෙමහල් ගොඩනැගිල්ල
12. ගුරුනිවාසය
13. ශබ්ද විකාශන සේවාව
14. ප්‍රවේශ ගේට්ටුව
15. මුරකුටිය
16. එළිමහන් වේදිකාව
17. පානීය ජල සම්පාදකය
18. පාසල වටා ආරක්ෂක බැම්ම
19. වැසිකිලි පද්ධතිය හා කුණුකසල පද්ධතිය
20. එළිමහන් පන්ති සැලසුම

ගුරු හා ශිෂ්‍ය වර්ධනය
වර්ෂ 1911 දී ශ්‍රේණි- 1-5 දක්වා සිසුන්- 23 යි. ගුරු- 01 යි. නමුත් ක්‍රමයෙන් වර්ධනය වී දියුණු වූ මෙම විදුහලේ වර්ෂ 2014 වන විට සිසුන් 1407 කි.